දේශීය පුවත්

සහල් සපයන බවට පොරොන්දුවී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56 ක් වටිනා වී තොග ලබා ගනිමින් එම පොරොන්දු කඩකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කෝටිපති සහල් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් පොලොන්නරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

2017 වර්ෂයේදී අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මෙම වී තොග ලබාගෙන ඇති අතර එවකට වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතා මෙම සිද්ධියට මැදිහත්ව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් ව්‍යාපාරිකයකු මිලියන 33 ක වී ලබාගෙන ඇති අතර අනෙක් ව්‍යාපාරිකයා මිලියන 23 ක වී ලබානෙ ඒවා සහල් බවට පත්කර දෙන බව පවසා අදාළ වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම මුදල් වංචාව පිළිබඳව කාලයක පටන් විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අනුව ඊයේ (21 දා) පොළොන්නරුව ප‍්‍රදේශයට පිටත්ව ගොස් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙලෙස කි‍්‍රයා කර තිබිණ.

මෙම සිද්ධියට අදාළව රුපියල් මිලියන 30 ක් වංචා කර මේ වනවිට රටින් පළාගොස් ඇති තවත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නුවන් වෙබිසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More