දේශීය පුවත්

මේ වන විට ගැසට් කර ඇති 20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (22දා) අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව, ඕනෑම පුරවැසියකුට දින හතක් ඇතුළත ඊට විරුද්ධව පෙත්සමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට අයිතියක් ඇතැයි පාර්ලිමේන්තු සහකාර ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

එය කිසිවකු විසින් අභියෝගයට ලක් නොකරන්නේ නම් දින 7 කට පසු 2 වැනි වර කියවීමෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට අවස්ථාව සැලසෙන බවද නීල් ඉද්දවල මහතා පැවසීය.

20 වෙනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුවහොත් එදින සිට දින 21 ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය ඉදිරිපත් කළ යුතු වෙයි.

මෙම කාල සීමාව තුළ මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් නොමැත. දින 21 කට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20 වෙනි සංශෝධනය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විය හැකිය.

ඒ අනුව පාර්ලිමේන්තුව මෙම සංශෝධන පනත් කෙටුම්පත ඇණවුම් පත‍්‍රයට ඇතුළත් කළ යුතු වන අතර පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටුව එකඟ වූ දිනයකදී දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළ හැකි වෙයි. දෙවන වර කියවීමේ විවාදය අවසානයේ මන්තී‍්‍රවරුන්ගේ නමින් ඡන්ද විමසීම පැවැත්වේ. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් (පැමිණ නොසිටින අයද ඇතුළුව) ඉන්පසු පාර්ලිමේන්තු සභාව කමිටු අවස්ථාවට පරිවර්තනය වේ.

කමිටු අවස්ථාවේදී පනතේ සියලූම වගන්ති එකින් එක සලකා බලයි. කමිටු අවස්ථාවේදී ඕනෑම සංශෝධනයක් යෝජනා කළ හැකිය. කාරක සභා අවධියේදී පවා අවශ්‍ය නම් ඡන්දයක් ඉල්ලා සිටිය හැකිය. ඉන්පසු පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සඳහා අමාත්‍යවරයා විසින් යෝජනා කරයි.

නැවතත් අවසානයේදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඡුන්දයක් විමසන අතර එහිදීද ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීම අවශ්‍ය වේ. එලෙස තුනෙන් දෙකක බලයකින් අනුමත කර ගත් විට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇත. අවසාන වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පනතට අත්සන් කළ විට එය නීතියක් බවට පත්වේ.

කෙසේවෙතත් 20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක් පවත්වා සම්මත කර ගැනීමට සිදුවුවහොත් එම අවසාන පනත් කෙටුම්පත අත්සන් කරනු ලබන්නේ කථානායකවරයා නොව ජනාධිපතිවරයා විසින් බවත්, මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් පාර්ලිමේන්තු සහකාර ලේකම් නීල් ඉද්දවල මහතා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More