දේශීය පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සම්මත කළ ඖෂධ පනත යම් පාර්ශව විසින් අවසාන මොහොතේ දී විකෘති කළ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

විශේෂයෙන්ම එම පනත් කෙටුම්පතේ අඩංගු වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය නිදහස්වූ ප්‍රතිපාදන අවසන් මොහොතේදී කෙටුම්පතින් වෙනස් කිරීම සඳහා පසුගිය කාලය පුරාම විශේෂයෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කොට රට පුරා බෙදා හරින ජාවාරම්කරුවන් පිරිසක් බිහි වූ බවට චෝදනා එල්ල විය.

ඊට අමතරව එම පනතේ දුර්වලතා නිසා රට තුලට අලෙවි කරන ඖෂධ වල මිල සහ ගුණාත්මකභාවය පාලනය කිරීමද දුෂ්කර වී ඇති බවට විවිධ විද්වතුන් අදහස් පළ කරන ලදි.

දැන් මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන පනතේ අඩුපාඩු සකස්කොට ඉන් ගලවා ඉවත් කළ රූපලාවන්‍ය පාලනය සඳහා වූ ප්‍රතිපාදන නැවත ඇතුල් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය  චන්න ජයසුමන මහතා විසින් ක්‍රියාන්විතයක් දියත්කොට ඇති බව වාර්තාවේ.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකු සදහන් කළේ මහාචාර්ය සේනක බිබිලේට සාධාරණය ඉටු කිරීමට මහාචාර්ය චන්න් ජයසුමන සමත්වනු ඇති බවය. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සහ ඇමති පවිත්‍රා වන්නිආරච්ච මහත්මියගේ සහාය ඊට ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More