දේශීය පුවත්

20 වන ව්‍යවස්ථාව සම්මත කිරීමේදී මන්ත්‍රීවරුන් 150 දෙනාම එක සේ පෙනී සිටිය යුතු බවට වූ තීන්දුවක් අද (21) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගෙන තිබේ.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණ.

එහිදී 20 සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක පැන නැගී ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් ගෙවිදු කුමාරතුංග, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර, ප්‍රේම්නාත් දොල‌ේවත්ත යන මැති ඇමැතිවරුන් විස්සේ පවතින යම් යම් අහිතකර වගන්ති සම්බන්ධයෙන් දීර්ඝව අදහස් දක්වා තිබේ.

එම අදහස්වලට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් අවසානයේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ අවශ්‍ය සංශෝධන අගමැතිවරයා හරහා කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසටය.

ඉන් අනතුරුව අද ගත් තීන්දුව සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් 150ම සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර එය ඒකමතිකව සම්මත වී ඇති බවක් දැනගන්නට ඇත.

මීට අමතරව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දී ඇත්තේ තාක්ෂණික දෝෂ කිහිපයකුත් දැනට මතුව ඇති බවත්, ඒ සියල්ල නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේදී මගහැර ගත යුතු බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More