දේශීය පුවත්

පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ටද බලතල ලබා දියයුතු ‍බව එම අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් මහා පරිමාණ ලෙස සිදුවන පරිසර හානි සම්බන්ධයෙන් වාර්තා වන නමුත්, ඊට අදාලව නීතිමය පියවර ගැනීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැක.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කරන ලන්ච් ෂීට් තහනම් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. පරිසර හිතකාමී ලන්ච් ෂීට් තහනම් කිරීමට සූදානම් වන බවට පොලිතීන් නිෂ්පාදකයන්ගේ සංගමය එල්ල කරන චෝදනා අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් පරිසර හිතකාමී නොවන ලන්ච් ෂීට් ඇතුළු පොලිතීන් නිෂ්පාදන තහනම් වුවද තවදුරටත් එවැනි නිෂ්පාදන අලෙවි වන බවද සභාපතිවරයා පවසනවා. එවැනි නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More