ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාව ඡන්දය දුන්නා කියා හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා කියා එම ජනමතය අපහරණය කරන්න ඉඩ දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.
විගණන කොමිසම අහෝසි කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ දීම වරදක් බවත් එක් පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීමට ඉඩදිය නොහැකි බවත් ඔහු පැවසීය.
විසිවන සංශෝධනය අති භයානක ව්‍යවස්ථා සංශෝධනයක් යැයිද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...