කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබේ.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවට ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් විය.
කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ප‍්‍රකාශ කෙරිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...