දේශීය පුවත්

පසුගිය මහ කන්නයේදී වී මෙ.ටො ලක්ෂ 30ක් සහ යල් කන්නයේදී මේ වන විට ලක්ෂ 20ක් වශයෙන් අස්වනු ලැබී තිබියදී සහල් හිගයක් ඇතිවිය හැකි බවට ව්‍යාජ මතයක් ඇතිකොට සහල් ආනයනය සඳහා උපදෙස් දෙන්නේ ආර්ථික ඝාතකයින් බවට ජාතික සංවිධාන චෝදනා කරයි.

පසුගිය යහපාලන රජය යටතේ ඇමති රිෂාඩ් බදියුදීන් විසින් සහල් මෙ.ටො. ලක්ෂ 2ක් ආනයනය කොට ඒවාගෙන් 50% ට වැඩි ප්‍රමාණයක් මිනිස් ආහාරයට ගත නොහැකි බව පවසා සත්ව ආහාර වලට අඩු මිලට විකුණූ බවට සහ එම ක්‍රියාවලිය හරහා සහල් මෙ.ටො. 1කට ඩොලර් 100 බැගින් කොමිස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වර්ෂයකට පරිභෝජනය කරන තිරිගු පිටි ප්‍රමාණය මෙ.ටො. ලක්ෂ 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙන තත්වයක් යටතේ  මාසික සහල් පරිභෝජනය මෙ.ටො. 180,000ක් දක්වා පහත වැටී ඇති බැවින් මෙවර සහල් ආනයනය කළහොත් මාස්කන්නයේ අස්වනු නෙලීමේදී ගොවියා සහ ආණ්ඩුව යන දෙපාර්ශවයම අමාරුවේ වැටෙන බව ඒ මහතා පවසයි.සහල් මෙ.ටො. ලක්ෂ 1ක් ආනයනය කළහොත් ඊට දායක වන පිරිසට ඇමෙරිකන් ඩොලර් මිලියනයක කොමිස් ලැබෙන බවද ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More