දේශීය පුවත්

මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබේ. ඒ අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවය. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවද එහිදී හෙළිකර ගෙන තිබේ.

ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නිර්දේශයන්ටද අනුකූල නොවන පරිදි බව පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත. එමෙන්ම ගොඩනැගිල්ලේ අත්තිවාරමද නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති බව වැඩිදුරටත් හෙළිවී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ති‍්‍රක් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය සදහන් කළේ නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති අත්තිවාරම බිදී ගොස් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවය. මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචිකරුවන්ට සිය වාසස්ථානවලින් ඉවත් වන ලෙස දැනුම් දුන් බවද ඔහු කියාසිටියහ.

ඊයේ අලූයම මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමත් සමග ඒ අසල පිහිටි කුඩා හෝටලයකට එය කඩා වැටී අදාළ අනතුර සිදුවිය. කොරෝනා සමයෙන් පසු එම හෝටලය තුළ කිසිදු සංචාරකයෙකු රැදී සිට නොමැති අතර එහි රැදී සිට තිබුණේ හෝටලය පවත්වාගෙන ගිය පවුලේ පස් දෙනෙකු පමණය. අනතුරෙන් මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි වූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැණුණි. ජිවිතක්‍ෂයට පත් වූ වයස අවුරුදු එක හමාරක බිළිදියගේ මව නීතිඥවරියක් මෙන්ම ඌව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කළ 32 හැවිරිදි තැනැත්තියකි. චමිල ප‍්‍රසාද් නම් වූ ඇයගේ ස්වාමියා 35 හැවිරිදි වියේ පසු විය.

මේ අතර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සිටි පිරිසක් අනතුර සිදුවීමට පෙර අලූයම් කාලයේදීම එම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් ඇති බවටද වාර්තා පළ විය. ඊයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය අද දිනයේ අධිකරණයටද කරුණු වාර්තා කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More