හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක අද (21) සවස කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ.
සාමාන්‍යයෙන් බදාදා පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇතත් 20 වන සංශෝධනය හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙම හදිසි කැබ්නට් හමුව කැඳවා ඇති බව වාර්තා වේ.
මීට අමතරව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද අද සවස 6.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට දිනයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණද 20 වන සංශෝධනය මුල්කරගෙන එයද අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...