දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන් පසු ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වන අතර, එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේ දී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වේ.

නමුත් කිසියම් පාර්ශවක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුය.

අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

දින 21 ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනක දී ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20 වන සංශෝධනය 2 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වේ.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්පසු කාරක සභා අවස්ථාවේ දී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකිනෙක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමට ද එහිදී අවස්ථාව පවතී.

අනතුරුව 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊට ද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය  යුතුය.

අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More