දේශීය පුවත්

20 ගැන තිස්සලගේ වාර්තාව එයි

September 21, 2020 8:05 am | Lanka Lead News

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ජාතික සමගි ජන බලවේගය සකස් කළ සමාලෝචන වාර්තාව අද (21 වැනිදා) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරෙන කරුණු හඳුනා ගැනීම සිදු කෙරෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

‘‘අධි පිරිවැය සංශෝධනය පිළිබඳව සමාලෝචනය කරන්න දහ නවයෙන් ඔබ්බට කියලා කමිටුවක් පත්කළා. රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, සරත් ෆොන්සේකා, එරාන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා වැනි කණ්ඩායමක් මේ කමිටුවට ඇතුළත්. දැනට එම කමිටුවේ වාර්තාව සාකච්ඡාකරමින් පවතිනවා. සඳුදා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙනවා. ඒ රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කර වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරනවා.’’

‘‘විසිවැනි සංශෝධන කෙටුම්පතේ අන්තර්ගතය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන කරුණු පිළිබඳ එහිදී හඳුනාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව ලබාදීම, පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය සංශෝධනය වගේ අභියෝගයට ලක්කළ හැකි ප්‍රමුඛ කරුණු ගණනාවක් අපි හඳුනාගෙන තියෙනවා.’’ යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More