දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බල ජනාධිපති කොමිසමට තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අසත්‍ය සහ ද්වේෂ සහගත ඒවා බව හිටපු ජනාධිපතී මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සම්බන්ධවයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවේදී හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබු ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරනයක් ලබා දී තිබුණි.

ඉහත කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

යම් ලෙසක ඉදිරි දිනකදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමිර ද සිල්වා ලෙස මා මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට කියා සිටිමි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More