මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි.
මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වූණි.
පවතින තත්ත්වය හමුවේ මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පවසයි.
ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන් කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඒ මහතා කියා සිටියේය.
මෙයින් අනෙකුත් වාහනවලටත් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි මෙයින් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක විය.
මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කෙරුණු අතර ඊට ගුවන් හමුදාවේ සහාය ද හිමිවිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...