දේශීය පුවත්

යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයකට තම සංශෝධන ඉදිරිපත් කළ හැකි බවද අගමැතිවරයා කීවේය.

මෙය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ඉදිරිපත් කෙරෙන අතුරු සංශෝධනයක් බවත් ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කර අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ගෙන එන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරමින් ජනතා මතයට කන්දී නිවැරදිව කටයුතු කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය බවත් අඩුපාඩු තිබේනම් පෙන්වාදීමට රටේ පුරවැසියන්ට පුළුල්ව අවස්ථාව තිබෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More