දේශීය පුවත්

20 වැනි සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩුවට එක්වීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වේ. පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව තරග කළ මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ රජයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී.

මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඔවුන්ගෙන් බහුතරය ආණ්ඩුවට එකතු වියයුතුය යන ස්ථාවරයේ සිටී. ඔවුන්ගෙන් ඇතැමුන් තනිව හෝ ආණ්ඩුවට යන බවයි පක්ෂ නායක රාවුෆ් හකීම් මහතා ‍වෙත දන්වා තිබේ.

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද 20 වැනි සංශෝධනයට සහාය දීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ. එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය, කුමන හේතුවක් මත හෝ ලබා නොගැනීමට මේ වනවිටත් ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව පසුගිය කාලයේදී චෝදනා රැසක් එල්ල වීම හේතුවෙනි. කෙසේ වෙතත් එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සිව් දෙනාට තනිව ආණ්ඩුව එකතු වන ලෙසට ආරාධනා ලැබී ඇති බවද වාර්තාවේ. එම පක්ෂයට වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 05 ක් හිමිව තිබේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තුළද බහුතරය ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටී. මේ වනවිට ඒ සඳහා සාකච්ඡා ද පවත්වා ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ දක්වා එම පක්ෂවලට ආණ්ඩු පාර්ශ්වයෙන් නිළ වශයෙන් ආරාධනා ලැබී නොමැති අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පක්ෂ ලෙස නොව තනි තනි පුද්ගලයන් ලෙස එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම ආණ්ඩුවේ නායකයන්ගේ අදහස බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More