නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා නිවසේ ස්වයං නිරෝධායනයට යොමුව සිටි හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට යළි වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
23 හැවිරිදි අදාළ පුද්ගලයා පසුගිය මස 16 වනදා ඩුබායි හි සිට මෙරටට පැමිණ තිබූ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණි.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 8 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති අතර දින 14 ක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස යළිත් වරක් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල ප්‍රදීප් මල්ලවආරච්චි මහතා පැවසීය.
මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මේ වනවිට රටතුළ මතුව තිබේ.
පොදු ප්‍රවාහන සේවයේ මෙන්ම ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල ද එම මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයකි.
අද දෙරණ මේ පිළිබඳ ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් විමසීමක් කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...