දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ප්‍රභූවරුන් ප්‍රවාහනය කරන බළගණයට අයත් (VVIP) හෙලිකොප්ටර් දෙකක් සුදුසුකම් නොලත් ලිතුවේනියාවේ සමාගමකට අලුත්වැඩියාව සඳහා ලබා දීමට සැලැසුම් කර ඇති බවට වාර්තා වේ. SMH-4419 MI 171E හා SMH – 4429 MI 171 E දරන හෙලිකොප්ටර් යානා දෙක ලිතුවේනියාවේ හෙලිස්ඔටා නමැති සමාගමට ටෙන්ඩර් අංක 18/fr/m.17/10/1 යටතේ අඩුම මිලගණන් යටතේ ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ.

රුසියාවේ නිෂ්පාදිත එම යානා 2013 දී ශ්‍රී ලංකා රජය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිලදී ගෙන ඇති අතර එහි දී හෙලිකොප්ටර් 14ක් මිලදී ගෙන තිබේ. ඉන් දෙකක් වන MI 171E නමැති වර්ගයේ ඉන් දෙකක් වන SMH-4418 හා SMH-4419 දරන යානා විශේෂ ප්‍රභූ ප්‍රවාහන බළගණයට ලබා ගෙන ඇත. පසුව කලින් හෙලිකොප්ටර් මෙරට දී අලුත්වැඩියා කර යුද බළගණතයට ගෙන ඇති අතර එහි අංකය SMH-4429 වේ.

මෙවැනි ගුවන් යානා අලුත් වැඩියා සඳහා සැකසුම් තත්ත්ව සහතිකය (mil bishin bureau) අවශ්‍ය අතර එහෙත් එවැනි සහතිකයක් අදාළ සමාගමට නොමැති බව වාර්තාවේ. මීට පෙරද එවැනි හෙලිකොප්ටරයක් අලුත්වැඩියා සඳහා ටෙන්ඩර් තැබීමේ දී අදාළ තත්ත්ව සහතිය අවශ්‍ය බව සඳහන් කළද පසුව එය ඉවත්කර SMH-4418 දරන MI 171 E හෙලිකොප්ටරය එම සමාගමට අලුත්වැඩියා සඳහා ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම හෙලිකොප්ටර් අලුත්වැඩියා සඳහා රුසියාවට හෝ යුක්රේනය ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5-2.8 අතර මුදලකට ටෙන්ඩර් ලබාගන්නා අතර මෙම එක හෙලිකොප්ටරයක් අලුත්වැඩියා සඳහා ඊට අඩු මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More