හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.
සංචාරකයන්ට ‘නොන්පරේල් වතුයාය’ (සාමාන්‍ය ව්‍යවහාරයේ ‘නන්පේරියල් වතුයාය’ – Nonpareil Estate) හරහා නැග්රැක් දක්වා වාහන වලින් ගොස් එතැන් සිට පා ගමනින් ලෝකාන්තය දක්වා යෑමට මෙමගින් සැලසුම් කර ඇතැයි ඔහු බීබීසී සිංහල සේවයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.
දැනටමත් පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට අවශ්‍ය මාර්ගයක් නිර්මාණය කර ඇත.
එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය ‘විනාශයේ දොරටුවක්’ විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.
(බීබීසී සිංහල සේවය)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...