හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත ව තිබේ.
පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ය.
දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්රචම, අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන් සහ එම්.ඒ. සුමන්තිරන් යන අය අද දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත ය.
මේ අතර රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වන ලද කන්ටේනර් රථයක් නීතිවිරෝධීව රේගුව තුළ රඳවා ගනිමින් නඩු පැවරීමෙන් තමන් දේශපාලන පළිගැනීමට ලක්වූ බව පවසා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටින බව සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...