දේශීය පුවත්

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කෙරෙයි. එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා ඇත.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එහිදී දැඩිව ප්‍රකාශ කර තිබුණේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය. අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා කියා තිබේ.

ඒ අනුව දැන් ඉදිරි කටයුතු සම්පාදනය වෙමින් පවතී. ලබන 22දා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කොට නොවැම්බර් මස 4දාට පෙර එය සම්මත කර ගැනීම රජයේ අරමුණය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More