දේශීය පුවත්

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජයට සහාය දිය යුතුද නැත්ද යන කරුණු මත සුළු පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුළ මෙම බෙදීම හටගෙන තිබේ.

මෙයින් වඩාත්ම උග්‍ර බෙදීම වාර්තා වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙනි. එහි මන්ත්‍රීන් 5 දෙනෙක් මැතිසබය නියෝජනය කරති. එම පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනකු දැනටමත් කියා ඇත්තේ පක්ෂය කවර තීන්දුවක් ගත්තත් රජයට සහාය දීමට අපේක්ෂා කරන බවය. එහෙත් පක්ෂ නායක රවුෆ් හකීම් පක්ෂයක් ලෙස පොදු තීන්දුවක් ගත යුතු යැයි කියා තිබේ. නමුත් රජය මෙතෙක් රවුෆ් හකීම්ට රජයට එක්වන ලෙස නිල ආරාධනයක් කර නොමැති නිසා මුස්ලිම් කොංග්‍රස නායකයා බරපතළ ගැටලුවකට මුහුණ දී සිටී.

දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායකයන් වන මනෝ ගනේෂන් හා දිගම්බරම් සමඟ රජය යම් අදහස් හුවමාරුවක් කරගෙන ඇතත් ඔවුන්ටද නිල ආරාධනයක් කර නැතැයි වාර්තා වෙයි. එම පක්ෂයේද මන්ත්‍රීන් හය දෙනකු සිටින අතර ඔවුන්ගෙන් සිව් දෙනකු රජයට සහාය දිය යුතු යැයි ප්‍රබල මතයක් ඉදිරිපත් කර තිබේ.

රිෂාඩ් බදුයුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් රජය ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නැයි ඉල්ලීමක් කර නැත. රිෂාඩ් බදුයුදීන් කිසිසේත්ම රජයට බඳවා නොගත යුතු යැයි ප්‍රතිපත්තිමය තීන්දුවක්ද ගෙන තිබේ. එහෙත් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රී 4 දෙනාගෙන් දෙදෙනකු ස්වාධීනව සිටිමින් රජයට සහාය දීමට රජයට යෝජනාවක් එවා තිබේ.

මෙම තත්ත්වය නිසා පක්ෂ මට්ටමින් තොරව විපක්ෂයේ මන්ත්‍රීන්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාගැනීමට රජය වඩාත් කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත. මේ නිසා යට කී ප්‍රධාන පක්ෂ තුනේම අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More