දේශීය පුවත්

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.

ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, ෆෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රකර කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබේ.

රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියකවීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ගම්මිරිස් වෙළෙඳපොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා තරයේ කියා සිටියේය.

ලෝක වෙළෙඳපොළේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබෙන බව එම සාකච්ඡාවේදී හෙළිවිය.

මෙහිදී අදහස් දැක්වූ තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසුවේ මෙරට තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 705ක් බවත් ඉන් කර්මාන්ත ශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති බවත්ය.

පරීක්ෂණවලින් පසු 18ක නිෂ්පාදන නතර කිරීමට ක්‍රියා කළ බව ඔහු පැවසීය.

කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්  තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More