දේශීය පුවත්

මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත් මංතීරු නීතිය නිසා යතුරුපැදිකරුවන් දැඩි අපහසුතාවයකට පත් වන තත්වයක් උද්ගතව තිබේ. සුඛෝපභෝගී වාහන හිමිකරුවන් සැපට මංතීරු දෙකක කිසිදු තදබදයකින් තොරව ගමන් කරද්දී යතුරුපැදි වලින් රැකියාව සඳහා යන පුද්ගලයන් අද උදෑසන පැය ගණනක් තදබදයේ හිර වී සිටිනු දක්නට ලැබුණි.

පසුගිය දිනවල රජයේ අමතිවරයෙකුද පවසා තිබුණේ යතුරුපැදිකරුවන් හිසරදයක් බවයි. කෙසේ වෙතත් යතුරුපැදි වලින් වැඩි දෙනෙක් ගමන් කිරීමෙන් රථ වාහන තදබදය යම්තාක් දුරට අඩුවන බව සැබෑ කාරණාවයි, එනම් සියලු දෙනා රෝද හතරේ වාහන රැගෙන පාරට පැමිණියහොත් දැවැන්ත රථවාහන තදබදයක් නිර්මාණය වන බැවිණි.

ජනාධිපතිවරයාගේ අතිශය අනුවන තීරණයක් ලෙස බොහෝ දෙනෙකු මෙම නව රථවාහන සැලැස්ම හඳුන්වා තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More