වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත් ආණ්ඩුව දැන් කළ යුත්තේ රටේ සියලුම ජන කොටස්වලට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම බව හිටපු කථානායක කරු ජයසූරිය පැවැසීය.
ලෝකයේ වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ජාතික වැදගත්කමකින් යුතු කාර්යයකදී මහජන අදහස් විමසීම සඳහා ජනතාව දැනුවත් කරන බවත්, තමන් වත්මන් ආණ්ඩුවට යෝජනා කර සිටින්නේ මෙරටේ ජනතාවටද මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනයට එවැනි දැනුවත් කිරීම් කළ යුතු බවත් යැයි හිටපු කථානායකවරයා පැවැසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17 වැනිදා) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඇතුල්කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...