දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කතෝලික සභාව දැනගෙන සිටීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් පැවසීය.

එම ප‍්‍රහාරයට පෙර සෑම වසරකදීම පාස්කු දිනයේදී කතෝලික සභාවේ නායකයා ශාන්ත ලූසියා දෙව් මැඳුරේදී ප‍්‍රධාන දේව මෙහෙයන් පැවැත්වුවත් 2019 අපේ‍්‍රල් 21 වැනි දින එම දේව මෙහෙය නොපවත්වා ඇති අතර ඊට පෙර දින රාති‍්‍ර 11.00 ට පමණ එම දේව මෙහෙය පවත්වා ඇති බව ප‍්‍රකාශ කළ මන්තී‍්‍රවරයා ඒ පිළිබඳව සොයා බලන ලෙස කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියේය.

එහිදී අගරදගුරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා ඇත්තේ 2019 අපේ‍්‍රල් 21 වැනි දින සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයකට සෙසු කී‍්‍රඩකයන් සහභාගි වුවත් මන්තී‍්‍රවරයාගේ අක්කාගේ පුතා සහභාගි නොවුනු බවයි. ඊට පිළිතුරු දෙමින් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එය මඩ ප‍්‍රචාරයක් බවත් එදින තමා බදුල්ලේ රැඳී සිටි බවත්ය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වූ ආරක්ෂක කවුන්සිල රැුස්වීම් 9 ක දී පමණ තමන් සහරාන් පිළිබඳව සඳහන් කළ බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (16 දා* පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ජයවර්ධන මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ එම කොමිෂන් සභාව හමුවේදී කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

සහරාන් ඇතුඵ පිරිස මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් පල්ලිවලට එල්ල කරන බවට විදේශීය බුද්ධි අංශයක් මගින් 2019 අපේ‍්‍රල් 04 වැනි දින තොරතුරු ලබා දී තිබිය දී ඒ පිළිබඳව අපේ‍්‍රල් 09 වැනි දින පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමේ දී නිලන්ත ජයවර්ධන මහතා විසින් එම තොරතුරු ඉදිරිපත් නොකිරීම මගින් සිය වගකීම පැහැර ඇති බව පිළිගන්නේ දැයි නීතිඥවරයා නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේය.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටියේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව 2019 අපේ‍්‍රල් 04 වැනිදා ලැබුණු තොරතුරු තමන් එලෙසින්ම 7 වැනිදා ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළ බවත් එයට ටොප් සීක‍්‍රට් යනුවෙන් සඳහන් කර එයට උපදෙස් ලබා දෙන ඉල්ලා ජාතික බුද්ධි ප‍්‍රධානියාට යොමු කළ බවත් ඔහු පැවසීය. එම තොරතුරේ වැදගත්කම වටහා ගත්තේ නම් අපේ‍්‍රල් 09 දා පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී එය කතා නොකළ විට ‘නිලන්ත දැන් ඒක කතා කරන්න ’ කියා රැුස්වීම අවසානයේ දී හෝ තමන් ඒ සඳහා යොමු කිරීමේ හැකියාව ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම ජාතික බුද්ධි ප‍්‍රධානියාටත් තිබූ බවත් පැවසූ ජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කර සිටියේ එදින බැරි නම් පසුදා හෝ වෙලාවක් වෙන්කර අප කැඳවා එම තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීමේ වගකීමක් ආරක්ෂක ලේකම්වරයාට තිබූ බවයි.

එරික් ගාමිණී ජිනපි‍්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More