දේශීය පුවත්

2021 අයවැය ඔක්තෝබර්

September 17, 2020 12:22 pm | Lanka Lead News

2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙල කිරීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අයවැය පිළියෙල පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛතාවය ලබා දීමට නියමිතව තිබේ.

* ‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන්කිරීම.

* අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ වෙත විෂයන් පැවරීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් පරිදි අදාළ අරමුණු ඉටු කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම.

* සැමට පානීය ජලය ලබා දීම, මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දීම.

* රාජ්‍ය ආදායම 2021 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 10.2%ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බැවින් එම තත්ත්වය යටතේ වියදම් කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් වෙන් කිරීම.

* රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම.

* සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කරගැනීමට හැකි වන පරිදි දැනට පවත්නා ක්‍රමවේද සමාලෝචනය කර සරල ක්‍රමවේද වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමු කිරීම.

ඉහත ප්‍රතිපත්තිය මත පදනම්ව 2021 විසර්ජන පනත කෙටුම්පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More