දේශීය පුවත්

කැනේඩියානු මහ කොමසාරිස් ඩෙවිඩ් මැක්යිනොන් 13 සහ 14 දින අම්පාරට පැමිණ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. මාධ්‍යයට අනාවරණය නොවුණු මෙම සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අම්පාර ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් වෙන්න කලෙයි අරසන් සමග ඔහුගේ නාවිදන්වේලි නිවසේදී දහතුන් වන දින උදෑසන සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන්පසු අම්පාර මොන්ටි තානායමේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යු.එල්. මූෂාරප් සහ පසුගිය මහමැතිවරණය සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් අම්පාර දිස්ත්‍රිකයට තරග වැදුණු විශ්‍රාමික විනිසුරු වරයෙක් වන අබ්දුලා සහ අට්ටාලචේන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අන්සිල් ද සහභාගි වී තිබේ.

14 වන දින අම්පාර ගැමුණුපුර පිහිටී සහජීවනය සඳහා වන මිත්‍රත්ව පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයේ පිරිසක් සමඟ ද සාකච්ඡාවක් පවත්වා ඇත.

සංචාරයේ ඔහු පොතුවිල ප්‍රදේශයෙද සංචාරය කර තිබේ. ඉන්පසු කැනේඩියානු තානාපති වරයා මඩකලපුව ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

මෙම සාකච්ඡා සඳහා මාධ්‍යයට කැදවීමක් කර නොතිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More