දේශීය පුවත්

දේශීයව වගා කළ හැකි කටුවැල්බටු ඖෂධය රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගෙවා 2018 දී යහපාලන රජය විසින් මෙරටට ආනයනය කර ඇතැයි තොරුතුරු හෙළිව තිබේ.

ඒ අනුව කටුවැල්බටු කිලෝග්‍රෑම් 176,450 ක ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මීට අමතරව වියළි නෙල්ලි, පත්පාඩගම් වැනි අමුද්‍රව්‍ය ද මෙරටට ආනයනය කිරීමට යහපාලන රජය කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පැවැසුවේ මෙරට වගා කළ හැකිව තිබියදී මෙම අමුද්‍රව්‍ය ආනයනය කිරීම ජාතික අපරාධයක් බවයි.

මේ වන විට දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය 130 ක් පමණ මේ වන විට විදේශීය රටවල්වලින් ආනයනය කරන බවත් ඉදිරි වසර තුනේ දී එම අමුද්‍රව්‍ය ආනයනය සියයට 50 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බවත් ජයකොඩි මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More