දේශීය පුවත්

විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දිනවලදී ආණ්ඩුවට චෝදනා කළේ කැබිනෙට්ටුව විසින් සාමූහිකව අනුමත කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ කෙටුම්පත සකස් කළ කෙනෙක් හොය ගැනීමට ආණ්ඩුවට හෝ නොහැකි වී ඇති බවයි. ජනමාධ්‍ය ද මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන්, ජී.ඇල්. පීරිස් මහතාගෙන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසකගෙන් විමසූ නමුත් ඔවුන් සියලු දෙනා ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධන කෙටුම්පත සකස් කළ අය පිළිබඳව නොදන්නා බවයි.

එසේ තිබියදී අද පැවති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ 20 වැනි සංශෝධනයේ සියලු වගකීම් තමා භාර ගන්නා බවයි. අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ බව පවසා තිබෙනවා.

මේ අතර 20 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජී.ඇල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම කමිටුව නිර්දේශ කර තිබුණේ සංශෝධන කෙටුම්පත තුළ අඩංගු වගන්ති කිහිපයක් වෙනස් කළයුතු බවයි.

කෙසේ වෙතත් මෙම කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව නොමැත.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමතිවරයා සඳහන් කළේ මෙම මාසය තුළදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

යම් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර දින 14 ක් ඉක්ම ගිය පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙන අතර, 20 වැනි සංශෝධන කෙටුම්පත ගැසට් කර අදට දින 15 ක් ගත වේ. ඒ අනුව ඉදිරි දිනයකදී එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More