දේශීය පුවත්

ඖෂධ නිෂ්පාදන,සැපයුම්‍ හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ පළමු ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC)මගින් එලෙස නිපදවනු ලැබුවේ ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයකි. මෙම ඖෂධය මෙතෙක් විදෙස් රටවලින් ආනයනය කෙරුණි.

පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් මෙම ඖෂධය ආනයනය සඳහා වැය වී තිබේ. ඉදිරියේ දී මෙම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් අවශ්‍යතාවය සපුරාලීමට නියමිතය.

එම ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීම අද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More