දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරයවනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි.

එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.

වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කර ඇත.

01. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.
02. රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා
03. විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය
04.විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා
05. විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා

වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කිරීමට කටයුතු කරනු ලබන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.



One thought on “වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More