දේශීය පුවත්

පසුගිය මහ මැතිවරණයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත ඉඩම් ආසන්න වශයෙන් අක්කර 7 බැගින් දිනකට විනාශ වී ඇතැයි සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කරයි.

“මේ අනුව මේ අනුව ඉකුත් මාසයක කාලය තුළ හොරොව්පතාන ‍රත්මලේ වනාන්තර ඉඩම් අක්කර 150ක්, ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉඩම් අක්කර 2 ක්, වනාතවිල්ලුව – එළුවන්කුලම අක්කර 100ක් සහ කිරින්ද අක්කර 30 කඩොලාන පද්ධතියක් විනාශ වෙලා තියන බවට මේ දක්වා මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙලා තියනවා. ඒ කියන්නෙ අගෝස්තු 6 වැනිදා ඉඳන් ගෙවුණු දවස් 41ක කාලය තුළ වනාන්තර ඉඩම් අක්කර 282ක් විනාශ වෙලා තියනවා. ඒ කියන්නෙ ආසන්න වශයෙන් දිනකට වනාන්තර ඉඩම් අක්කර 7ක් මේ රටේ විනාශ වෙනවා. සිංහරාජ වනාන්තරය මැදින් පාරක් හදලා සිදු කරන පරිසර හානිය අයිති වෙන්නෙ නෑ. මේ ශීඝ්‍ර වන සංහාරය අතිශයින් ම අසාමාන්‍ය තත්ත්වයක්. මේ බොහෝ තැන්වල මෙම වනාන්තර විනාශය සිද්ධ වෙන්නෙ දේශපාලනඥයන්ගෙ රැකවරණය සහ අනුදැනුම යටතේ. ඒත් මේ දක්වා මේ කිසිම සිද්ධියකට ඇත්තට ම වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය

“පසුගිය ජනාධිපතිවරණය කාලෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතා කළේ පරිසර හිතකාමී සංවර්ධනයක් කරන්න. අඹ පැළයක් හිටවලා තමයි ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තේ. ඒත් දැන් ඒ හැම දෙයක් ම විශාල මාධ්‍ය සංදර්ශනයක් පමණක් වෙලා තියනවා. පරිසර හිතකාමී සංවර්ධනය කෙසේ වෙතත් තියන වනාන්තර ටිකවත් රැකගන්න බැරි අසමත් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තියනවා.”

“දැන් මේ සම්බන්ධයෙන් එක එක අයට බෝලේ පාස් කරලා වැඩක් නෑ. වැරැදි කරලා තියෙන්නෙ කවුරු වුණත් ඒකට එරෙහිව පියවර ගන්න එක ආණ්ඩුවේ වගකීම. මේ වන විනාශය සම්බන්ධයෙන් ‍යුක්තිය ඉටු කිරීම පමා කරනවා කියන්නෙ ම මේක යට ගහන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන එක,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More