විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීමට රජයේ අවධානය යොමුකර ඇත. ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර තිබේ.
එම සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා විවාදයේදී සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි.
අධ්‍යයන කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (15 වැනිදා) භාරදී තිබේ. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් විසිනි. ජනතාව සහ ජාතික සංවිධාන ඉදිරිපත් කළ යෝජනා කමිටුව විසින් අධ්‍යයනය කර සංශෝධන ඇතුළත්ව වාර්තාව සකස් කර තිබේ.
මෙම කමිටු වාර්තාව අගමැතිවරයා අද (16 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...