දේශීය පුවත්

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් විදෙස් රටවල විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදුව ඇති බව කොවිඩ් 19 වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ දැනට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් බහුල වීමයි.

එකවර ආසාදිතයන් රැසක් රටතුළට පැමිණීම අවදානම් සහගත බවත්, ඒ හේතුවෙන් නැවතත් වෛරසය සමාජගත වීමේ අවදානමක් මතුවන බවත් යුද හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව එක් දිනකට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානා එකක් පමණක් රට තුළට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති අතර යුද හමුදාපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඕනෑම අවස්ථාවක නැවත වෛරසය සමාජගත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අද නැවතත් අවධාරණය කළ අතර යුද හමුදාපතිවරයාද පවසන්නේ ජනතාව තවදුරටත් නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෛරසය පාලනය කිරීම සඳහා සහාය දැක්විය යුතු බවයි. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දෙයි.

 



One thought on “විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත් සීමා කරයි – දිනකට එක් ගුවන් යානයක් පමණයි”

  1. ehema kiyala apita sali denawda mehe jeewath wenna .. Minissunta job naa .. Kanna naa inna thanak naa weather is 45’C .. Lankawe inna eka manussayen naa parata bahala api wenuwen katha karanna .. Wena ratakata abaddiyak unoth millions innawa post dagena loketa penna .. Ehma rataka ipadichcha apita apahu me wage rataka noipadeei kiyala thamai api wish karanna …

Leave a Reply to Dragon Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More