දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ එම කොමිසමේ 45 වැනි සැසිවාරය අමතමිනි.

එහිදී ඇය පැවසුවේ, ” ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වෙමින් පවතින අතර ඔවුන් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා. යෝජනාවී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වු හමුදා සෙබලෙකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමිවුණා. වැදගත් සිවිල් තනතුරුවලට යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වු බවට චෝදනා ලබාසිටි හමුදා නිලධාරින් පත්කර තිබෙනවා. මම කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස, සාමයට සහ ප්‍රතිසංවිධානයට එල්ල වී ඇති තර්ජන වළක්වාගැනීම සඳහා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More