දේශීය පුවත්

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යතුමා මෙම කමිටුව පසුගිය දා පත් කර තිබිණි.

කෙසේවෙතත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ අද දින කමිටු වාර්තාව අගමැතිවරයාට බාර දීමට නොහැකි වනු ඇති බවකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More