දේශීය පුවත්

නාකොටික් නිලධාරීන්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම සඳහා ඩුබායි සිට ක්‍රියාත්මක වූ දැවැන්ත සන්නිවේදන ජාලයක් උපයෝගී කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (14 වැනිදා) දැනුම් දුන්නේය.

ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන උදාර සම්පත් නමැත්තා මෙරට සන්නිවේදන ආයතනයකින් ලබාගත් ජංගම දුරකථන සිම්කාඩ් 55ක් උපයෝගී කරගනිමින් විශාල සන්නිවේදන ජාලයක් සකස් කර මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් දන්වා සිටියේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ හෙරොයින් ජාවාරමට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ (14 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත පරීක්ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළේය.

මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර, ඔවුන් ලබන 22 වන දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙම සිද්ධියේ 14 වන සැකකරු ලෙස නම් කර සිටින උදාර සම්පත් නමැත්තා විදේශ ගතව රැඳී සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More