20 වැනි සංශෝධනය සකස් කළේ කවුදැයි ආණ්ඩු පක්ෂයේම කිසිවෙකුත් නොදන්නා තත්වයක් උද්ගතව ඇති බැවින් එය උඩින් පාත්වූ ලියවිල්ලක් බවට පත්ව ඇති බවත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට උත්සාහ කරන්නේ මේ ආකාරයෙන්දැයි තමන් ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
“දැන් කවුද මේ 20 වෙනි සංශෝධනය ගෙනාවෙ ? දැන් තියෙන ප්‍රශ්නය ඒක. දැන් අධිකරණ ඇමතිතුමා කියනවා මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ එතුමා විසින්. අලි සබ්‍රි අධිකරණ ඇමතිතුමාම කියනවා මේ 20 වෙනි සංශෝධනය සකස් කළේ කවුද කියලා එතුමා දන්නෙත් නෑ කියලා.
එතකොට දන්නැති ලියවිල්ලක් තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන්නෙ. විමල් වීරවංශ මැතිතුමා කියනවා මේකෙ පීතෘවරයෙක් හොයාගන්න නැහැ කියලා. එතකොට කවුද මේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ ?
20 වෙනි සංශෝධනය හරියට මේ පියෙක් නැති දරුවෙක් වගේ. අපි අහනවා මෙහෙමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න යන්නෙ ? ජනතාවගේ කතිකාවකට භාජනය කළේ නෑ, අදහස් ලබාගත්තෙ නෑ, ඒ වගේම තමන්ගෙ මන්ත්‍රී කණ්ඩායම දන්නෙ නෑ, කැබිනට් මණ්ඩලය දන්නෙ නෑ. 20 වෙනි සංශෝධනය කියලා කෙටුම්පතක් උඩින් පාත්වෙලා තියෙනවා අඩු ගාණෙ මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අලි සබ්‍රි ඇමතිතුමාවත් දන්නෙ නෑ, අගමැතිතුමා දන්නෙත් නෑ !” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...