දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනයිඩ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt LTD) හි ප්‍රධාන විධායක නිලධාරි චමීර ප්‍රසාද් ජයසිංහ ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම ඊයේ කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති කර්මාන්තකරුවන්ගේ දිනයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ හමු විය.
මේ පිරිස අමාත්‍යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්‍රියාකාරිත්වය විමසා බැලූ ඇමැතිවරයා එම රොබෝ යන්ත්‍රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය.
එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්‍යවරයා රාජ්‍ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දීමට මූල්‍ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.
දුරකථනයෙන් විදුලි උපාංග කීපයක් එකවිට ක්ෂණිකව පාලනය කළ හැකි අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක් (Duplex Device) නිපදවූ පාදුක්ක පදිංචි නිලන්ත ගුණසිංහ සිය නව නිර්මාණය කර්මාන්ත ඇමැති විමල් වීරවංශට හඳුන්වා දීම ද කර්මාන්තකරුවන්ගේ දිනයේ දී සිදු විය.
සිය අධියාන්ත්‍රික දුරස්ථ පාලකය මගින් ඕනෑම ක්ෂේත්‍රයක යන්ත්‍රයක්, ඕනෑම දුරකථනයක් ආධාරයෙන් පමණක් දුරස්ථව පාලනය කළ හැකි බව මෙහිදී අදහස් දැක්වූ නිලන්ත ගුණසිංහ සඳහන් කළේය.
දුම්රිය ආරක්ෂක දොරටු පාලනයට, ධීවර කර්මාන්ත පොකුණුවල ජල සැපයුම් ක්‍රියාවලිය පාලනයට, සංචාරක හෝටල් කර්මාන්තය සඳහා කෘෂිකාර්මික වගා බිම් සඳහා වන ජල සැපයුම් පාලනයට, වන අලි උවදුරු ඇති ප්‍රදේශවල විදුලි රැහැන් පාලනයට මෙන්ම නිවෙස් ආරක්ෂණ පිළියමක් ලෙසද තම අධි යාන්ත්‍රික දුරස්ථ පාලකය යොදාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉහත නව නිපැයුම සඳහා වෙළෙඳපොළ නිර්මාණය කර දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...