දේශීය පුවත්

13 වන කොරෝනා මරණය හලාවතින්

September 14, 2020 5:29 pm | Lanka Lead News

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගොස් තිබේ.

ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවය.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවත්ය.

ඔහු නාවිකයෙකු වශයෙන් සේවය කළ අයෙකි. එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකි.

එම මරණයට ආසන්තම හේතුව වශයෙන් දැක්වෙන්නේ හෘදයාබාධයකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බවය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More