දේශීය පුවත්

උඩුනුවර වෙලම්බොඩ තේ කර්මාන්ත ශාලාවක් තුළ රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරමින් සිටියදී ගම්පොළ විශේෂ කාර්යභා​ර නිලධාරීන් විසින් වටලනු ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම කර්මාන්ත ශාලාව තුළ විෂ ද්‍රව්‍ය යොදා තේ සකස් කරන බවට තොරතුරු ලැබී තිබිණි. වරින් වර වැටලීම් කළද දැඩි ආරක්ෂාකාරී ක්‍රියා කලාපය නිසා එම වැටලීම් අසාර්ථක විය.

අමු තේකොළ ඉතා සුළු ප්‍රමාණයක් සමග කසළ තේ අඹරා ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා දෙස් විදෙස් වෙළෙඳපොළට අලෙවි කිරීමෙන් මොවුන් අධික ලාභයක් ලබා ඇති බව හෙළි වී තිබේ.

මොවුන්ගේ ඔත්තුකරුවන් ගම්පොළ නගරය ඇතුළු ස්ථාන කිහිපයක සිටින බව සොයාගෙන තිබූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විවිධ වෙස් ගනිමින් කර්මාන්ත ශාලාව අසලට ගොස් ඇත. පළමුව මුරකුටියේ ආරක්ෂකයා තම භාරයට ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව තුළට එක්වරම ඇතුළු වූ ඔවුන් මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

එහි දී කර්මාන්ත ශාලාව තුළත් අවට ගොඩනැගිලි කිහිපයකත් සඟවා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය සොයා ගනු ලැබීය. එම තේ ගබඩාවේ කසළ තේ කිලෝ ලක්ෂ ගණනින් ගොඩ ගසා තිබූ අතර ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා නිමි තේ සාදන බවට අනාවරණය විය.

මෙම වැටලීමට සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර සමඟ තේ පරීක්ෂකවරුන් වන චමින්ද, සමරතුංග, එස්.කේ.ටී.පී. අහංගම යන නිලධාරීහු ද එක්ව සිටියහ.

එසේම කසළ තේ කිලෝ අසූදහසක් (80000)ක් රැස් කර තිබූ ගබඩාවක් ද සීල් කිරීමට එම නිලධාරීහු පියවර ගනු ලැබීය.

ඒ සමඟම මෙහි තිබූ ෆෝරස් සල්ෆේට් කිලෝ 20ක්, සෝඩියම් බයිකාබනේට් කිලෝ 250ක්, සීනි පැණි බෝතල් 138ක්, හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ ශ්‍රේණිගත නොකළ තේ කිලෝ 1165ක්, වියළන ලද තේ කිලෝ 400ක්, බී.පී.අයි. තේ කිලෝ 1500ක්, බී.ඕ.පී.එස්. (BOPS) තේ කොළ කිලෝ 1600ක් සාම්පල් ලෙස අත්අඩංගුවට ගෙන කසළ තේ ගබඩාවට සීල් තබනු ලැබීය.

මෙම තේ කර්මාන්තශාලාව පිහිටුවූ මුල් අවධියේ ඉතා හොඳ ගුණාත්මක තේ නිපදවා ඇති අතර ඒ සඳහා ප්‍රමිති ආයතනය මගින් පිරිනමා ඇති විශාල සහතික එකතුවක්ද මෙහි ප්‍රදර්ශනය කර ඇත. නමුත් වර්තමාන පාලකයන් මේ ආකාරයට කර්මාන්ත ශාලාව විනාශ කර ඇතැයි එහි සේවකයෝ පවසති. මෙහි දී සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා පැවැසුවේ මෙවැන්නකි. මේ ආකාරයට කිසිම ද්‍රව්‍යයක් තේවලට කලවම් කිරීමට හෝ එවැනි ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ තබා ගැනීම පවා තහනම්. මේ ආකාරයට තේවලට රසායනික ද්‍රව්‍ය කවලම් කළ කර්මාන්ත ශාලා 15ක් වසා දැමීමට පියවර ගත්තා. ඒත් අධික ලාභයක් ලැබෙන නිසා මේ අය මේ දේ සිදු කරනවා.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සෘජු අධීක්ෂණය මත ක්‍රියාත්මක මෙරට තේ කර්මාන්තය බේරා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.ජී.ඩී. ආර්. කරුණාරත්න, අණදෙන නිලධාරී ස.පො.අ. ආර්.කේ.යූ.ඕ. ජයවර්ධන යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ කඳවුර අණදෙන නිලධාරී පො.ප. එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More