විදේශ පුවත්

ඔක්ස්ෆෝර්ඞ් සරසවිය හා අස්ට‍්‍රසෙන්කා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා ප‍්‍රතිකාර එන්නත සම්බන්ධ කටයුතු නැවත ආරම්භ කර තිබේ.

අදාළ එන්නත පරීක්ෂාව සඳහා ලබා දුන් රෝගියෙකුට අතුරු ආබාධ ඇතිවූ බවට පසුගියදා වාර්තාවීමත් සමග අදාළ එන්නත සම්බන්ධ කටයුතු තාවකාලිකව නවතා දමන ලදී. එහෙත් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන මෙවැනි පරීක්ෂණ සිදු කරද්දී එක රෝගියකු සම්බන්ධයෙන් එවැන්නක් සාමාන්‍ය දෙයක් බව වෛද්‍ය විශේෂඥ නිගමනය වී තිබේ.

මේ අනුව අදාළ කටයුතු වහාම නැවත ආරම්භ කරන ලද අතර මෙම එන්නත මේ වන විට රටවල් කීපයකම අත්හදා බලා තිබේ. ඒ අනුව මෙය ඉක්මනින්ම වෙළඳ පොළොට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන කොරෝනා එන්නත් කීපය අතර ඉදිරියෙන් ඇති එන්නතකි.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් රාජධානියේ නැවත වරක් කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් ඇතිවී තිබෙන අතර දිනපතා වාර්තා වන රෝගීන්ගේ ප‍්‍රමාණය තුන්දහසකට අධිකය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More