දෙමළ ජාතික සන්ධානය ගොඩ නැගීමේදී මූලිකත්වය ගත් පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් කේ. තුරෙයිරාජසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
තුරෙයිරාජසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත යොමු කර ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීම සම්බධයෙන් අදහස් දක්වන මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ තමන් ඒ ගැන පුදුම නොවන බවයි. එසේම සේනාධිරාජා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් පවසා සිටියේය.
තුරෙයිරාජසිංහ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුන් පැහැදිලි කරමින් මාවෙයි සේනාධිරාජා මහතා, තුරෙයි රාජසිංහම් මහතා ඉල්ලා අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් දේශපාලන ගැටලුවකින් නොවන බව සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...