යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව 7% ක ණය බද්ද මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අය නොකෙරේ.
සපයනු ලබන මූල්‍ය සේවාවන් මත සෑම මූල්‍ය ආයතනයක් විසින්ම 7% ක ණය ආපසු ගෙවීමේ අය බද්දකට යටත් කරමින් පැවැති ආණ්ඩුව විසින් 2018 අංක 35 දරන මුදල් පනත සම්මත කර ගනු ලැබීය. එකී පනතට අනුව 2021 දෙසැම්බර් 31 වැනි දිනය දක්වා අදාළ මූල්‍ය ආයතන විසින් මෙම අය බද්ද ගෙවිය යුතුය.
එහෙත් මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂගේ නියමය පරිදි පසුගිය 07 වැනිදා නිකුත් කරන ලද මුදල් සංශෝධන පනත් කෙටුම්පත මගින් ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් පසුව අවසන් වන බවට සංශෝධනයක් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...