රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත.
දැනට පළාත් සභා තිබෙන බැවින් මැතිවරණය පවත්වනවානම් හැකි තරම් ඉක්මනින් පවත්වන බවත්, එමගින් චිරාත් කාලයක් පළාත් සභා පවතින බවට අදහස් නොකරන බවත් හෙතෙම පෙන්වා දී ඇත.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පළාත් සභා වෙනස් කිරීමට යන බවත්, ඔහුගේ හිතුමතේට එය වෙනස් කළ නොහැකි බවත් කියමින් පළාත් පාලන නියෝජිතයකු කළ විරෝධය පෑමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පෙන්වාදී ඇත.
එය සරත් වීරසේකරගේ මතය, මටත් මතයක් තියෙනවා. පක්ෂයටත් මතයක් තියෙනවා. පළාත් සභා අහෝසි කරනවා නම් එහි බලය ප්‍රාදේශීය සභාවලට පවරනවා යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
Aruna

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...