දේශීය පුවත්

විසිට් වීසා ලබාගෙන පැමිණ මාර්තු 1 වන දිනෙන් වීසා කල් ඉකුත්වූ විදේශිකයින් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට දී තිබූ කාලය පසු ගිය අගෝස්තු 11 දිනයෙන් අවසන්වී ඇති අතර සහන කාලයද සැප්තැම්බර් 11 දිනෙන් අවසන් වූ බව එරට රැදී සිටින පිරිස් පවසති.

වීසා කාලය අවසන්ව දඩ ගෙවීමට සිදුවෙන පුද්ගලයින් සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් යෙිසන ලෙසත්, ඉක්මනින්ම මෙම මගීන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පවසති.

” යාමට ගුවන් යානා නොමැති බැවින් සහන කාලය ඉකුත් වීමට පෙර රටින් පිටවීමට නොහැකි වුන බොහෝ පිරිසක් තවමත් එමීරයේ හිරවෙලා සිටිනව. එසේ වීසා නොමැතිව සිටින අයට රටින් පිටවීමේදී පළමු දිනට රුපියල් 10,000 කුත් අමතර ඉන්නා දිනවලට දිනකට රුපියල් 5,000 බැගිනුත් ඊට අමතරව කළමණාකරණ කටයුතු වලට රුපියල් 5,000 ගණනේ දඩ මුදලකුත් ගෙවීමට සිදුවෙනව.

මෙම ගණනය කිරීම කරල තියෙන්නෙ එමීරයේ ඩිරාම් එකක් රුපියල් 50 ක් හැටියට සළකල. පහුගිය දිනවල මෙම අගය රුපියල් 51 දක්වා වැඩිවී තිබුන. මෙහි සිරවී සිටින පුද්ගලයින්ගෙ ඉරණම පිළිබඳව අප ජනාධිපතිතුමාට පවා දැනුම් දීම් කරා. නමුත් තවමත් යුහුසුළු ක්‍රියා මාර්ගයක් රැගෙන නැහැ. සීමිත ගුවන් යානා ගණනකට පමණයි පියාසර කිරීමට අවසරය ලබාදී තිබෙන්නෙ.

>වරක් අප මේ පිළිබඳව ලංකාවේ වගකිවයුතු පුද්ගලයින් සමග සාකච්ඡා කිරීමේදී දැනගැනීමට ලැබුන ඔවුන්ට දැනුම්දී තියෙන්නෙ 400 ක පමණ පිරිසක් පමණයි එසේ අතරමංව ඉන්නෙ කියා. මෙවන් අසත්‍ය ගනන් කවුරු විසින් සපයනවද කියා විමසිය යුතුයි. ඔවුන් රජය අපහසුවට පත්කිරීමට හිතාමතා කඩාකප්පල් ක්‍රියාවේ යෙදෙන අය විය යුතුයි. තවත් අශෝභන කරුණක් සිදුවුනා.<

මෑතකදී අපේ ජාතික ගුවන් සේවයට වැඩිය රුපියල් 35,000 ක් පමණ අඩුවට වෙනත් ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් හා නිරෝධායනය සඳහා අයකරන බවට සඳහන්ව දැන්වීම් ප්‍රචාරය කරා. අවසානයේදී නියමිතව තිබූ ගුවන් ගමනත් අඩාලව වැඩිපුර  මුදලකුත් ගෙවා ප්‍රමාදවී යෑමට සිදුවී ඇති බවට චෝදනා තිබෙනව. එක්තරා සුප්‍රසිද්ධ සමාගමකට නිරෝධායනය සඳහා අවශ්‍ය හෝටල් කළමණාකරනය පැවරීමෙන් පසුව මෙය සිදුවී ඇති බවට තමයි චෝදනා නැගෙන්නෙ.”

මේ පිළිබඳව  ලංකා ලීඩ් සමග අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෙක් කියා සිටියේ මේ චෝදනා පිළිබඳව සොයා බලා කටයුතු කිරීමත්, දඩ ගෙවීමට සිදුවෙන පුද්ගලයින් සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් යෙදීමත්, ඉක්මනින්ම මෙම මගීන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More