එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය තෝරා ගැනීමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (14) පැවැත්වීමට නියමිතව ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ හෙට පස්වරු 3ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
අවස්ථා කිහිපයකදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී නව නායකයෙකු තෝරාපත් කර ගැනීම සඳහා සාකච්ඡා සිදු කෙරුණද එම සාකච්ඡා අසාර්ථක විය.
කෙසේවෙතත් හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා වී ඇති පුද්ගලයින්ගෙන් එක් අයෙකු ඉදිරි නායකත්වය සඳහා තෝරා පත් කරගැනිමට නියමිතව තිබේ.
නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...