දේශීය පුවත්

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකොට ඇති බව ‘Wickileaks’ මඟින් එළිදරව් වූ ඒ මහතාගේ  නම සඳහන් කේබල් පණිවිඩ 150 ක් මගින් තහවුරු වී ඇති බැවින් ඔහු තානාපතිවරයෙකු ලෙස පත් කිරීම් නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව විසින් පාර්ලිමේන්තුවේ උසස් බලතල පිළිබඳ කාරක සභාවට පැමිණිළි කොට ඇත.

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊට අත්සන් තබා ඇත්තේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාය. ඒ මහතා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම්වරයා ලෙස මිලින්ද මොරගොඩ ප්‍රශ්නය පිළිබඳ ජනමාධ්‍ය වෙත යවා ඇති ලිපියක පිටපතක්ද එම පැමිණිල්ල සමග අමුණා ඇත.

ලේකම්තුමා,

උසස් බල තල පිළිබඳ කාරක සභාව,

ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,

ජයවර් ධනපුර,

කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

 

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත. එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර් දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි. මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර

විධායක කමිටු සාමාජික,

ජාතික සංවිධාන එකමුතුව.

2020.09.13

පිටපත් – සියලුම ජනමාධ්‍ය ආයතන වෙත

 

සම්පූර්ණ ලිපිය පහතින් –

මිලින්ද මොරගොඩ සාධකය සහ විසෙන් විස නැසීමේ න්‍යාය

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More