දේශීය පුවත්

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති.

ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ.

ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා ඊයේ (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා සිටියහ.

ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වූයේය.

ජනාධිපතිවරයා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිවරයා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More